වෛද්‍ය ප්‍රතිකාර සඳහා වනිඳු නැවත දිවයිනට

0
12

එංගලන්ත තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා ප්‍රමුඛ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයකට ලක්වීම හේතුවෙන් හදිසියේම නැවත දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ඔහු මෙලෙස මව්බිමට පැමිණෙන අතර, මේ හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ඉතිරි එක්දින තරග සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වේ.

විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කළද ශ්‍රී ලංකාව ලකුණු 89කින් පරාජය වූ පළමු එක්දින තරගයට වනිඳු සහභාගී නොවූ අතර, දෙරට අතර දෙවන එක්දින තරගය අද (24) ලීඩ්ස් හිදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here