විෂ සහිත මත්පැන් පානය කිරීමෙන් කොලොම්බියාවේ පුද්ගලයින් 11කු මරුට

0
151

NEWSNOW | –  විෂ සහිත මත්පැන් පානය කිරීම හේතුවෙන් කොලොම්බියාවේ, බ්රැන්කිලා නගරයේ පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

තවත් පුද්ගලයින් 10 දෙනෙකු එම මත්පැන් පානය කර ඇති වු ආසාත්මිකතා හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්’තා කරයි.

මියගිය පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකු නිවාස නොමැති වීදි වැසියන් බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්’තා කළේ අදාළ මත්පැන් නිවසක නිෂ්පාදනය කර ඇති අතර එය නිෂ්පාදනය කළ පුද්ගලයා ද මියගිය පුද්ගලයින් අතර සිටින බවය.