ඊයේ ආරම්භ වූ කළු විරෝධතා සතියට සමගාමීව, දිවයිනේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද ප්‍රථම වතාවට කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කර තිබේ.
ආචාර්යවරුන්ගේ හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 09 වනදා සංකේත වර්ජනයක නිරත වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක්ද ලබා දී ඇත.

