වියළි කාලගුණයත් සමග ජලාශ රැසක ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළට

0
5

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ජලාශවල ගබඩා වී ඇති මුළු ජල ධාරිතාව 47.3% දක්වාත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රධාන ජලාශවල ජල මට්ටම 34.4% දක්වාත් පහළ බැස ඇති අතර, අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ජලාශවල ජල මට්ටම 20%කට ආසන්න අගයක පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි.

කෙසේ වෙතත්, යල කන්නය අවසන් අදියරේ පසුවන බැවින් මෙම ජල ප්‍රමාණය වගාවන්ට මෙන්ම ඉදිරි වර්ෂාපතනය ලැබෙන තෙක් පානීය ජල අවශ්‍යතාවලට ප්‍රමාණවත් වන බව අපේක්ෂා කරන නමුත්, පවතින අධික උණුසුම නිසා සිදුවන අධික වාෂ්පීකරණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටින අතර, ඉදිරි මහ කන්නයේ සැලසුම් සකස් කර කන්න රැස්වීම්වල තීරණ අනුව හැකි ඉක්මනින් මහ කන්නය ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here