වැලිගම සිද්ධියේ නඩු තීන්දුවට පෙර අභියාචනාධිකරණයට මෝසමක්

0
130

NEWSNOW | – වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්‍ ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ඔහුගේ නීතිඥවරු විසින් අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

ඉන් ඉල්ලා ඇත්තේ මෙම නඩුකරයට අදාළ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසය.

මේ අනුව මෙම නඩුකරය තුළින් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය නිකුත් කරනවාද නැද්ද යන තීන්දුව අද (17) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.