රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එකඟ වෙයි – ට්‍රම්ප් පවසයි

0
179

NEWSNOW | – රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එකඟ වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඒ යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස අමෙරිකාව විසින් රුසියාවට ආර්ථික පීඩනය යෙදීමට දරන උත්සාහට සහයක් වශයෙනි.

මේ සම්බන්ධයෙන් තමා කළ ඉල්ලීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙලෙස එකඟ වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.