රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කරගනිමින් ඊයේ රාත්‍රියේ ඩ්‍රෝන ප්‍රහාර 600ක් එල්ල වී තිබේ.එයින් ප්‍රහාර 180කට අධික ප්‍රමාණයක් මොස්කව් නගරයේ ස්ථාන වෙත පතිත වී ඇති අතර, ඩ්‍රෝන යානා 17ක් විනාශ කිරීමට සමත් වූ බව මොස්කව් නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
පසුගිය වසර දෙකක කාලය ඇතුළත මොස්කව් නගරය වෙත එල්ල වූ විශාලතම ඩ්‍රෝන ප්‍රහාර මාලාව මෙය ලෙස සැලකේ.
මේ අතර, අදාළ ප්‍රහාර සඳහා භාවිත කරන ලද සියලුම ඩ්‍රෝන යානා බ්‍රිතාන්‍ය රජය විසින් යුක්රේනය වෙත ලබාදී ඇති බවට රුසියාව චෝදනා කරයි. එම පදනම මත බ්‍රිතාන්‍යයට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍යයේ රුසියානු තානාපතිවරයා අනතුරු අඟවා තිබේ.

