රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දෙමළ භාෂා පරිවර්තකයින්ගේ හිඟයක්

0
154

NEWSNOW |-  රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දෙමළ භාෂා පරිවර්තකයින්ගේ හිඟයක් පවතින බව වාර්තා වේ.

දෛනිකව මුද්‍රණය කරන ගැසට් පත්‍රිකා දෙමළ භාෂාවෙන් ලබා ගත නොහැකිව දෙමළ සහ මුස්ලිම් ජනතාව අපහසුතාවයට පත්ව සිටින බව ඔවුන් පවසයි.

මෑතකදී ගුරු පුරප්පාඩු සඳහා ගැසට් පත්‍රිකාවක් නිකුත්ව ඇති අතර එම ගැසට් පත්‍රිකාව පෙරේදා දිනය වන විටත් දෙමළ භාෂාවෙන් නිකුත්වී නොමැති බව ඒ සඳහා ඉල්ලුම් කිරීමට සූදානම් වන දෙමළ, මුස්ලිම් අපේක්ෂකයින් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් මුස්ලිම් ලීග් තරුණ පෙරමුණේ සභාපති ෂාම් නවාස් මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙතද ලිඛිතව දැනුම් දීමක් කර ඇත.

මේ නිසා මෙම අර්බුදය විසඳීමට හැකි ඉක්මනින් බලධාරීන් කටයුතු කරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.