යුක්‍රේනයේ කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්. සිවිල් වැසියන් 10ක් මරුට

0
42

යුක්‍රේනයේ අගනුවර වන කියෙව් (Kyiv) වෙත රුසියාව විසින් දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඊයේ (01) රාත්‍රී කාලයේදී එල්ල වූ මෙම ප්‍රහාර හේතුවෙන් ළමුන් ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

යුක්‍රේන බලධාරීන් චෝදනා කරන්නේ රුසියානු බලකායන් විසින් හිතාමතාම සිවිල් වැසියන් වෙසෙන නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කර ඇති බවයි. ප්‍රහාරයේ බිහිසුණු බව හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය නිවාස, ගිලන්රථ මධ්‍යස්ථානයක් සහ හෝටලයක් ඇතුළු ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගිනිගෙන ඇත.