රුපියල් මිලියන 220කට අධික රජයේ මුදල් අපරාධමය ලෙස අනිසි ලෙස පරිහරණය කිරීම සහ විශ්වාසය කඩ කිරීමේ චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති සහායක සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පාසන් අමරසේන මහතා අද (23) ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව ඔහුව ලබන ඔක්තෝබර් 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා මෙන්ම විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සමයේ එකවර රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගනිමින් අක්‍රමිකතාවල නිරත වූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
රජයේ වැටුප් අක්‍රමිකතා පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් පසුගිය ජූනි 18 වනදා ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

