“මරණ දණ්ඩනයට එකඟ වෙන්න බෑ” කාදිනල් හිමි පවසයි.

0
12
කතෝලික සභාවේ ඉගැන්වීම්වලට අනුව කිසිදු අයුරකින් මරණීය දණ්ඩනය අනුමත කළ නොහැකි බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති. කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුව මරණීය දණ්ඩනය යනු කිසිසේත්ම පිළිගත නොහැකි ක්‍රියාවක් බව උන්වහන්සේ එහිදී පෙන්වා දෙති.
එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනා හෙළිදරව් කර ගනිමින්, රටේ පවතින නීතියට අනුකූලව වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම කොළඹ අගරදගුරු පදවියේ ප්‍රධාන අපේක්ෂාව බව උන්වහන්සේ සඳහන් කරති.
මෙවැනි අභාග්‍යසම්පන්න ව්‍යසනයක් අනාගතයේදී කිසිවෙකුටත් සිදු නොවීමට බලධාරීන් වගබලා ගත යුතු බව පෙන්වා දෙන කාදිනල් හිමිපාණන්, මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය කෙරෙහි පූර්ණ විශ්වාසය තබන බවත් එහි ස්වාධීන ක්‍රියාවලියට හෝ සාකච්ඡාවලට කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන බවත් වැඩිදුරටත් අවධාරණය කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here