බුදුදහමට අපහාස කරමින් දළදා මාළිගාව, ජය ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය සහ දඹුලු විහාරය ඇතුළු ප්‍රධාන පූජනීය ස්ථාන වෙත බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට වට්ස්ඇප් (WhatsApp) සමූහයක් හරහා ප්‍රචාරය කළ 21 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
රංගිරි දඹුලු විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ධානියගම ආනන්ද හිමියන් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ ජංගම දුරකථනයේ තිබී බුදුරජාණන් වහන්සේගේ රුව විකෘති කළ ඡායාරූප කිහිපයක් ද හමු වී තිබේ. මෙය විනෝදාස්වාදය සඳහා සිදුකළ බව සැකකරු පැවසූවත්, මෙම ප්‍රචාරයන් ජාතික ආරක්ෂාවට සෘජු තර්ජනයක් බව විමර්ශන නිලධාරීහු පෙන්වා දෙති.
අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ඔක්තෝබර් 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

