වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව මේ වන විට 34% ක පමණ පහළ මට්ටමක පවතින බව ජල විද්‍යා හා ආපදා කළමනාකරණ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු සූරියබණ්ඩාර මහතා පවසයි.
පසුගිය පැය 48 තුළ බස්නාහිර, වයඹ, සබරගමුව, බදුල්ල, අම්පාර සහ මඩකලපුව ඇතුළු ප්‍රදේශ රැසකට වර්ෂාව ලැබී ඇති අතර, බදුල්ලෙන් මිලිමීටර් 40 ක වැඩිම වර්ෂාපතනයක්ද, මාදුරුඔය අවට ප්‍රදේශවලට මිලිමීටර් 100 ක පමණ තද වැසිද වාර්තා විය.
කෙසේ වෙතත් මෙම වර්ෂාපතනයත් සමඟ ගංගා සහ ජලාශවල ජල මට්ටම්වල සැලකිය යුතු ඉහළ යාමක් සිදුව නොමැති අතර, අද දිනයේදීත් ඌව සහ නැගෙනහිර පළාත්වලට වැසි අපේක්ෂා කරන බවත් ඉදිරි මහ කන්නය වෙනුවෙන් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

