ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි සහ අකුණු අනතුරු

0
54

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලට මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ද අපේක්ෂා කෙරේ.

තවද බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ හටගත හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් දෙනු ලැබේ.