ප්‍රකට බ්‍රිතාන්‍ය ලේඛක ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

0
10

ලොව පුරා පාඨකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් ග්‍රන්ථ රැසක් රචනා කළ ප්‍රකට බ්‍රිතාන්‍ය ලේඛකයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජෙෆ්රි ආචර් (Jeffrey Archer) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 86 වන වියේ පසුවිය.

සිය නිවසේදී නවකතාවක් ලියමින් සිටින අතරවාරයේ ඔහු මෙලෙස හදිසියේ සහ සාමකාමීව අභාවප්‍රාප්ත වී ඇති බව ඔහුගේ ප්‍රකාශන ආයතනය වන (HarperCollins) නිවේදනය කර ඇත.

බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ එහි නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති ජෙෆ්රි ආචර්, පසුව පූර්ණ කාලීන ලේඛකයෙකු ලෙස එක්වෙමින් ලොව පුරා තම කෘති මිලියන 300 කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට සමත් වූ කතුවරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here