පළාත් 6කට සහ දිස්ත්‍රික්ක 3කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
14

වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු මැද යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම යන දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙම නිවේදනය අද (02) පස්වරු 11.30 දක්වා බලපැවැත්වේ.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි. එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ද ඇති විය හැක.

අකුණු සහ තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here