පළාත් 5කට සහ මන්නාරමට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්

0
14

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත් මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (01) පෙ.ව. 10:30ට නිකුත් කළ මෙම නිවේදනය අද පස්වරු 11:30 දක්වා වලංගු වේ.

ඒ අනුව, අදාළ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here