ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත් මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ ‘ඇම්බර්’ මට්ටමේ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මඟින් අද (22) දහවල් 12:00ට නිකුත් කළ මෙම නිවේදනය අද රාත්‍රී 11:30 දක්වා වලංගු වන බව පැවසේ.
අදාළ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු පතිත වීමේ වැඩි හැකියාවක් පවතින අතර, වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

