පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාල සීමාව තවදුරටත් දීර්ඝ කර තිබේ.
අද (11) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, අදාළ කාරක සභාවේ කාලය එළැඹෙන දෙසැම්බර් 17 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවයි.
පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පසුගිය ජනවාරි මස 06 වැනි දින සම්මත වූ යෝජනාවකට අනුව මෙම කාරක සභාව පත් කරන ලදී. කෙසේ වෙතත්, එම විමර්ශන කටයුතු හා වාර්තාකරණය සඳහා වැඩිදුර කාලය අවශ්‍ය වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102ක ප්‍රකාරව මෙලෙස කාලය දීර්ඝ කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

