පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි.

0
174

අද(27) දිනයේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල, උතුරු පළාතේ සහ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40 ක පමණ තරමක් තද සුළං අපේක්ෂා කළ හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අලුයම කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.