හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් නේපාලයට මානුෂීය ආධාර ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පසුගිය අගෝස්තු 26 වැනිදා උතුරු නේපාලයේ රඝුවා දිස්ත්‍රික්කයේ ඇති වූ මෙම ස්වාභාවික ආපදාවෙන් ජීවිත රැසක් අහිමි වූ අතර විශාල දේපොළ හානියක් ද සිදු විය. අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් සහ යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේ අභියෝගයට නේපාල රජය මුහුණ දී සිටින මෙම මොහොතේ, ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම සංස්කෘතික හා ආගමික සබඳතා පෙරදැරිව මෙම සහනාධාරය ලබාදීමට තීරණය කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

