ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවන් පිළිවෙළින් අවුරුදු 67 සහ 65 දක්වා ඉහළ නැංවීමට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි අදාළ කෙටුම්පත මේ වන විට ගැසට් කර තිබුණද, වත්මන් මොහොතේ එම සංශෝධනය සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) රජයෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු නියෝජිත පිරිසක් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා හමුවී සාකච්ඡා කළ අතර, සිය ස්ථාවරය ජනාධිපතිවරයා වෙත ද ලිඛිතව දැනුම් දී තිබුණි.
ඒ අනුව, මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පස්වරු 1.00 ට නීතිඥ සංගමයේ නියෝජිතයන්ට අවස්ථාවක් ලබා දී ඇත.

