නිකවැරටිය නව දිසා අධිකරණ ගොඩනැගිල්ල අධිකරණ අමාත්‍යවරයා අතින් විවෘත වෙයි

0
11

නිකවැරටිය නව දිසා අධිකරණ ගොඩනැගිල්ල අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ නිල වශයෙන් විවෘත කෙරිණි.

රුපියල් මිලියන 144 ක පිරිවැයකින් ඉදිකරන ලද මෙම නව ගොඩනැගිල්ල මගින් අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය මූලික පහසුකම්, කාර්යාල අවකාශය මෙන්ම විනිසුරුවරුන්ට, කාර්ය මණ්ඩලයට සහ මහජනතාවට පහසු සේවා පරිසරයක් නිර්මාණය කර ඇත.

මෙතෙක් ඒකාබද්ධව පවත්වාගෙන ගිය මහෙස්ත්‍රාත් සහ දිසා අධිකරණ කටයුතු ඉදිරියට වෙන් වෙන්ව පවත්වාගෙන යාමට මෙමගින් හැකියාව ලැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here