කාලගුණයෙන් රතු නිවේදනයක්

0
20

දිවයින වටා වන මුහුදු තීරයේ පවතින සක්‍රීය කාලගුණ තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම විශේෂ රතු නිවේදනය නිකුත් කර ඇත. මෙම අනතුරු ඇඟවීම අද (10) පෙ.ව. 07.00 සිට හෙට (11) පෙ.ව. 07.00 දක්වා ඉදිරි පැය 24 ක කාලය සඳහා බලපැවැත්වේ.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ට වඩා වැඩි විය හැකි අතර, එම මුහුදු තීරය විටින් විට ඉතා රළු විය හැක. මේ හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු එකී මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැඩි ලෙස උපදෙස් දී තිබේ.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වා මෙන්ම ගාල්ල සිට මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැක. එම ප්‍රදේශවල මුහුද ද විටින් විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවල යෙදෙන පිරිස් මේ පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කළ යුතුය.

මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, ඒ සමගම එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු වීමේ වැඩි හැකියාවක් පවතී. එම නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here