දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී අ.පො.ස. උසස් පෙළ විභාගය ඇරඹේ.

0
25

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වේ.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග අයදුම්කරුවන්ට ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ බ්ලූටූත් ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

විභාග නීති රීතිවලට අනුකූලව කටයුතු කරමින් විභාග වංචාවලින් වළකින ලෙසත්, පසුගිය වසරවල ද විභාග වංචා හේතුවෙන් සිසුන් රැසකගේ ප්‍රතිඵල අත්හිටුවීමට සිදු වූ බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

යම් හදිසි ආපදා තත්ත්වයක් මතුවුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here