තබ්බෝව ජලාශය තුල වන අලින්ට හිතකාමී පරිසරයක් ඇති කිරීමේ අරමුණින් පැවැත්වූ ශ්‍රමදාන ව්‍යාපාරය

0
193

රටේ උග්‍රව පවතින අලි මිනිස් අර්බුදය අවම කිරීමේ අරමුණේ ජාතික වැඩසටහනක් ලෙස පුත්තලම තබ්බෝව ජලාශය තුල වන අලින්ට හිතකාමී පරිසරයක් ඇති කිරීමේ අරමුණින් ඊයේ(12) දින Clean Sri Lanka වැඩසටහන සංවිධානය කර තිබූ “අලි වැටෙන් ඔබ්බට තිරසර වැඩපිළිවෙලක් ” යන මැයෙන් සිදු කරන ලද ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත් වුණි.

මෙය රම්‍ය ලංකා සංවිධානය හා Sri Lanka Unites, Mission Green සංවිධාන ඒකාබද්ධව සිදු කළ ශ්‍රමදාන වැඩසටහනකි.

මෙයට ප්‍රදේශයේ වන හා වනජීවී කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුලූ රාජ්‍ය ආයතන පොලිසිය හා ත්‍රිවිධ හමුදාව සහ ප්‍රජා සංවිධාන ඒකාබද්ධව මෙම වැඩසටහන දියත් කරන ලදී.