ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 96,000 සීමාව ඉක්මවයි

0
10

2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනෙන් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,040 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

මෙම කාලසීමාව තුළ ඩෙංගු ආසාදිත මරණ 72ක් වාර්තා වී ඇති අතර, අගෝස්තු මාසයේදී පමණක් රෝගීන් 10,155 දෙනෙකු හඳුනාගෙන තිබේ.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් (50,760) වාර්තා වන අතර, දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ රෝගීන් 20,444ක් වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කයටයි.

ඊට අමතරව කොළඹ (19,008), මහනුවර (7,043), කළුතර (6,181) සහ මාතර (6,154) යන දිස්ත්‍රික්කවලින් ද සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 50ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here