ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් අද සහ හෙට

0
303

NEWSNOW| –   පවතින අයහපත් කාලගුණයත් සමග ඩෙංගු මදුරුවන්ගේ බෝවීම අවම කිරීම සදහා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් මෙය ක්‍රියාත්මක බව එම ඒකකයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර මහතා පැවසුවේය.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කයන් තුළ මෙම වැඩසටහන් ඊයේ අද සහ හෙට දිනයන් තුළ ක්‍රියාත්මක කෙරේ.