ඩෙංගු මරණ 68 දක්වා ඉහළට

0
14

දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව මේ වන විට හඳුනාගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 91,059 කි. මෙම රෝගීන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක්, එනම් 52.98% ක් (රෝගීන් 48,244 ක්) බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇත.

දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට (19,406) වන අතර, කොළඹින් රෝගීන් 18,101 ක් සහ මහනුවරින් 6,491 ක් වාර්තා වේ.

ජූලි මාසයේදී පමණක් රෝගීන් 29,971 ක් වාර්තා වී ඇති අතර, අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළදී රෝගීන් 5,714 ක් හඳුනාගෙන තිබේ. පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119 ක් තවදුරටත් අධි-අවදානම් කලාප ලෙස නම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here