ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයි

0
17

ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදට (සැප්තැම්බර් 23) යෙදී ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2018 වසරේ සිට මෙම දිනය නිල වශයෙන් සමරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව ලොව පුරා ශ්‍රව්‍ය බාධිත පුද්ගලයින් මිලියන 70කට ආසන්න පිරිසක් ජීවත් වන අතර ඔවුන් භාවිත කරන සංඥා භාෂා ගණන 300කට අධිකය.

මේ නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කරන්නේ, සන්නිවේදන බාධාවන් නිසා කිසිවෙකු සමාජයෙන් හුදෙකලා නොවිය යුතු බවයි.

සංඥා භාෂාවට සුදුසු ගෞරවය හා පිළිගැනීම ලබා දෙමින් සැමට සමාන අවස්ථා හිමිවන අන්තර්කරණීය සමාජයක් නිර්මාණය කිරීම සියලු දෙනාගේ වගකීම බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here