ජපානයේ විදේශිකයන්ගේ ස්ථිර පදිංචි ගාස්තු 20 ගුණයකින් ඉහළට

0
15

ජපානය තුළ වෙසෙන විදේශිකයන්ගේ පදිංචි බලපත්‍ර (Visa) සහ ස්ථිර පදිංචි ගාස්තු (Permanent Residency Fees) 20 ගුණයකින් ඉහළ නැංවීමට එරට රජය පියවර ගෙන තිබේ.

මෙම නව ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, මීට පෙර යෙන් 10,000ක් ලෙස පැවැති ස්ථිර පදිංචි ගාස්තුව යෙන් 200,000 (ලක්ෂ දෙක) දක්වා ඉහළ දමා ඇත.

මීට අමතරව, මීට පෙර යෙන් 6,000ක ස්ථාවර අගයක පැවැති සාමාන්‍ය පදිංචි බලපත්‍ර ගාස්තුව වෙනුවට, අලුතින් ලබාදෙන වීසා කාලසීමාවට (Visa duration) අනුකූලව ගාස්තු අය කිරීමට ද ජපාන රජය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here