දැනට තාවකාලිකව නතර වී ඇති චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සමඟ වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
මෙම හමුවේදී මෙරට මුහුදු ආහාර, එළවළු, පළතුරු, තේ සහ මැණික් වැනි නිෂ්පාදන චීනය වෙත අපනයනය කිරීම තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති අතර, හොංකොං රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් චීන මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළට සාර්ථකව අවතීර්ණ වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව ද චීන තානාපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළ බව වෙළෙඳ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

