ගෝලීය ඩීසල් හිඟය හමුවේ ඇමෙරිකාවෙන් අපනයන තහනමක්

0
16

ලෝක වෙළඳපොළේ පවතින උග්‍ර ඩීසල් හිඟය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සිදුකරන ඩීසල් අපනයනය තහනම් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. පවතින තත්ත්වය හමුවේ යුරෝපීය රටවල පවතින හදිසි ඩීසල් සංචිත වහාම වෙළඳපොළට නිදහස් කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටීමට සූදානම් වේ.

ඉරාන යුද්ධය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ගෝලීය ඛනිජ තෙල් සහ ගෑස් සැපයුමෙන් 20%කට ආසන්න ප්‍රමාණයකට බාධා එල්ල වී තිබේ. මේ හේතුවෙන් ඇමෙරිකාව තුළ ඉන්ධන මිළ ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එය ඉදිරි ඇමෙරිකානු පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාවගේ ප්‍රධාන අවධානයට ලක්වූ කරුණක් බවට පත්ව ඇත. ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කරන්නේ ගොවීන්, ලොරි රථ රියදුරන් සහ ව්‍යාපාරිකයන් මුහුණ දී සිටින මෙම අර්බුදයේ බර යුරෝපීය රටවල් ද බෙදාගත යුතු බවයි.

දිනකට ඩීසල් බැරල් මිලියන 1.2ත් 1.5ත් අතර ප්‍රමාණයක් ලෝක වෙළඳපොළට සපයන ඇමෙරිකාව මෙම අපනයන තහනම පැනවුවහොත්, ලොව සෙසු රටවල ඩීසල් මිළ තවදුරටත් අහස උසට ඉහළ යනු ඇති බවට ආර්ථික විදෙස් විෂ්ලේෂකයෝ අනතුරු අඟවති. මේ අතර, බ්‍රිතාන්‍යයේ ඩීසල් ලීටරයක මිළ සර්වකාලීන ඉහළම අගයක් වන පැන්ස 200 (200p) ආසන්නයට පැමිණ ඇති අතර, ඇමෙරිකානු අපනයන තහනමකට මුහුණ දීම සඳහා හදිසි සංචිත මුදාහැරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සහ යුරෝපීය සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here