ග්‍රාම නිලධාරීන්ගේ සංගම්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සහ අමාත්‍යාංශ ලේකම්වරයා අතර අද (17) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව, ක්‍රියාත්මක කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට ග්‍රාම නිලධාරීන් තීරණය කර ඇත.
මෙම සාකච්ඡාව අතරතුර ජනාධිපතිවරයා ද දුරකථනය ඔස්සේ සම්බන්ධ වී ඇති අතර, එළැඹෙන අයවැය මගින් ග්‍රාම නිලධාරීන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට පියවර ගන්නා බවට එහිදී සහතික වී තිබේ.
එම පොරොන්දුව පදනම් කරගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ග්‍රාම නිලධාරීන්ගේ සංගම් නියෝජිතයෝ පැවසූහ.
ඒ අනුව සියලුම ග්‍රාම නිලධාරීන් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල සුපුරුදු පරිදි සිය රාජකාරි කටයුතු සේවා ස්ථානවලදී නැවත ආරම්භ කිරීමට නියමිතය.

