කෝටියකට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ රැසක් රේගු භාරයට

0
596

NEWSNOW | –  රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා නවීනතම ජංගම දුරකථන , සුවද විළවුන් සහ රූපලාවන්‍ය ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් 04/23 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංච් අවුරුදු 37 සහ 25 යනු වයස් වල පසු වන ව්‍යාපාරිකයන් දෙදෙනෙකි .

ඔවුන් අද (23) අලුයම 05.00 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී.- 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් ගෙන ආ ගමන් මලු තුළ නවීනතම ජංගම දුරකථන 104 කට අමතරව රූපලාවන්‍ය ආලේපන සහ සුවද විළවුන් තොගයක් රැගෙන විත් තිබුණි.

එම ගුවන් මගීන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්’ශන ආරම්භ කර තිබේ.

ටී.කේ.ජී.කපිල – කටුනායක