කාම්බෝජය වහාම ක්‍රියාත්මකවන පරිදි තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලයි

0
245

NEWSNOW | – කාම්බෝජය වහාම ක්‍රියාත්මකවන පරිදි තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ දින දෙකක පැවැති යුද ගැටුම්වලින් පසුවය.

තම රට ‘කොන්දේසි විරහිතව’ සටන් විරාමයක් ඉල්ලා සිටි බවන බවත්, යුද ගැටුම්වලට සාමකාමී විසඳුමක් අවශ්‍ය බවත් එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා පවසා තිබේ.

මේ වනවිටත් කාම්බෝජයට මායිම්ව ඇති දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත්කර ඇත.

මෙම යුද ගැටුම් හේතුවෙන් දෙරටේම අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තවත් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වී සිටිති.