කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා මීට පෙර නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48ක කාලය සඳහා ද දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
පසුගිය සැප්තැම්බර් 20 වනදා පෙමුණින් නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීම තවදුරටත් බලපැවැත්වෙන බැවින්, අදාළ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාවට සහ විශේෂයෙන්ම ප්‍රදේශයේ අතුරු මාර්ග ඇතුළු මාර්ග ජාලය භාවිත කරන රියදුරන්ට දැඩි විමසිල්ලෙන් හා පූර්වාරක්ෂිතව කටයුතු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.

