ඉරානයේ ගිනිකොනදිග ප්‍රදේශයේදී ජ්‍යෙෂ්ඨ සුන්නි මුස්ලිම් ආගමික නායකයෙකු වන මොලාවි යූසෙෆ් ගෝර්ජිජ් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදේශ මාධ්‍ය පවසයි.
අඳුනානොගත් තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් මෙම පූජකවරයා ජීවිතක්ෂයට පත්ව ඇත.
සියොන්වාදයට සහ බෙදුම්වාදී කණ්ඩායම්වලට එරෙහිව දැඩි ලෙස පෙනී සිටි නායකයෙකු ලෙස මොලාවි යූසෙෆ් ගෝර්ජිජ් ප්‍රසිද්ධියට පත්ව සිටි බව විදේශ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
ඝාතනයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාරගෙන නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබේ.

