ඉන්ධන මිල ඉහළ දමා ජනතාව පීඩාවට පත්කිරීමට එරෙහිව සජිත්ගෙන් ප්‍රබල විරෝධයක්

0
8

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය යෙදී ඇති මොහොතක ඉන්ධන මිල ඉහළ දැමීමෙන් රජය සමස්ත ජනතාවම දැඩි අසහනයට පත්කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පෙන්වා දෙන්නේ ජනතාවට සුරක්ෂිත මෙන්ම සෞභාග්‍යමත් ජීවිතයක් උදාකර දිය යුතු පසුබිමක මෙලෙස මිල ඉහළ දැමීම අසාධාරණ බවයි.

බලයට පත්වීමට පෙර ඉන්ධන බදු ඉවත් කර ගොඩබාන මිලටම ලබාදෙන බවටත්, දූෂණ හා කොමිස් අහෝසි කර සහන දෙන බවටත් වූ පොරොන්දු රජය විසින් අමතක කර දමා ඇති බව විපක්ෂ නායකවරයා චෝදනා කරයි.

එමෙන්ම මීට පෙර ප්‍රකාශ කළ ඉන්ධන සහනාධාරයට සිදු වූයේ කුමක්දැයි ප්‍රශ්න කරන ඔහු, භාණ්ඩාගාරයේ මුදල් ඉතිරිව තිබේ නම් පීඩාවට පත් ජනතාවට සහන නොදෙන්නේ මන්දැයි වැඩිදුරටත් විමසා සිටියි.

ජනතාව වෙනුවෙන් රජයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව අභියෝග කිරීමට පසුබට නොවන බවද ඔහු අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here