ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 462ක සපිරි පළමු ඉනිමක් ගොඩනැගීමට සමත් විය.
ඉන්දීය ඉනිම වෙනුවෙන් පිත්තෙන් ප්‍රබල මෙහෙයුමක නිරත වූ දෙව්දත් පඩික්කල් ලකුණු 167ක විශිෂ්ට ශතකයක් ලබාගත් අතර, කේ.එල්. රාහුල් ලකුණු 82ක් සහ ධෘව් ජුරෙල් ලකුණු 51ක් රැස් කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළහ. ඒ අනුව පන්දුවාර 116යි පන්දු 4ක් තුළ ඉන්දීය පළමු ඉනිම නිමාවට පත් විය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ ලෙස පන්දු යැවූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක් බිඳහෙලූ අතර, කේශර නුවන්ත ලකුණු 175කට කඩුලු 3ක් දවාගත්තේය. මීට අමතරව අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳහෙලීමට සමත් විය.

