ඇෆ්ගන් සරණාගත අමාත්‍යවරයා බෝම්බ පිපිරීමකින් ජීවිතක්‍ෂයට

0
242

NEWSNOW | – ඇෆ්ගන් සරණාගත අමාත්‍යවරයා කාබුල් නුවර සිදුවූ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සරණාගත අමාත්‍ය ඛලීල් රහ්මාන් හකානි සිය අමාත්‍යාංශ මූලස්ථානයේ සිදුවූ පිපිරීමකින් මිය
ගොස් ඇත.

සරණාගත අමාත්‍යාංශයේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් අමාත්‍ය Khalil Rahman Haqqani මිය ගොස් ඇති බව රජයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් කියයි.

අනෙක් අතට, අමාත්‍ය හකානිගේ බෑණනුවන් වන අනාස් හකානි, පිපිරීමෙන් ඔහුගේ මාමා සහ තවත් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගිය බව තහවුරු කළ අතර, හකානි දහවල් යාඥාවෙන් පසු පල්ලියෙන් පිටව යමින් සිටියදී පිපිරීම සිදු වූ බව රොයිටර් පුවත් සේවය පවසයි.