ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට තීරණයක්

0
18

දේශීය වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ (බෝතල් නොකළ හෝ බුරුලෙන්) පොල්තෙල් අලෙවි කිරීම තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ කරුණු දක්වමින් එම අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාසේන මහත්මිය සඳහන් කළේ, වෙළෙඳපොළේ පවතින පොල්තෙල් සඳහා වෙනත් බාල තෙල් වර්ග මිශ්‍ර කිරීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි.

මීට අදාළ විශේෂ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත අතර, නව නීති යටතේ අලෙවි කරන සෑම පොල්තෙල් ඇසුරුමකම නිෂ්පාදකයාගේ තොරතුරු, ශුද්ධ බර, කල් ඉකුත්වීමේ දිනය සහ කාණ්ඩ අංකය ඇතුළු ලේබල් තොරතුරු අනිවාර්ය කෙරේ.

එමෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) හා එක්ව පොල්තෙල්වල ගුණාත්මකභාවය තහවුරු කිරීමට ද පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here