ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට බලය භාවිත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි

0
21

තමන් සතු විධායක බලය හෝ වෙනත් යම් බලයක් කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට භාවිත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ඊයේ (12) පස්වරුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ තමන් ධුරයේ රැඳී සිටීමේ අරමුණින් පැමිණි අයෙකු නොවන බවත්, රට තුළ අවශ්‍ය වෙනස සිදු කිරීම සඳහා ඕනෑම අවදානමක් ගැනීමට සූදානම් බවත්ය.

වෙනසක් සැබැවින්ම සිදු කළ හැක්කේ අවදානම් දරාගැනීමෙන් පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ව්‍යවස්ථාපිත සීමාවන් තුළ සිටිමින් රට හමුවේ ඇති අභියෝගයන්ට මුහුණ දෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here