අනෝජන් සිවරාසා වෙනුවෙන් අලි සබ්රිගෙන් සෞදි අරාබියෙන් සහ රජයෙන් ඉල්ලීමක්.

0
7

ශුද්ධ වූ කුරානයේ අන්නහ්ල් (Surah An Nahl: 126) සූත්‍රයේ සඳහන් වන්නේ, “ඔබ යම් දඬුවමක් ලබා දෙන්නේ නම්, ඔබට සිදු වූ වරදට සමානුපාතික වන සේ දඬුවම් කරන්න. නමුත් ඔබ ඉවසීම සහ ක්ෂමා කිරීම තෝරා ගන්නේ නම්, එයම වඩාත් උතුම් වේ” යන්නයි. මුහම්මද් නබිතුමාගේ (එතුමාට ශාන්තිය අත්වේවා) ගෞරවය සුරැකීමට කටයුතු කරන අතරම, එතුමා දේශනා කළ කරුණාව, දයාව සහ ක්ෂමාගුණය මතක් කරදෙමින් හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සෞදි අරාබියෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් වසර 5ක සිරදඬුවමකට යටත්ව සිටි ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා (Anojan Sivarasa) නැමැත්තාට මරණ දඬුවම නියම වී ඇති බවට ලැබෙන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අලි සබ්රි මහතා පවසා සිටියේ, ඔහුට මානුෂීය පදනම මත ක්ෂමාව ලබා දෙන ලෙසයි.

සිදුවූ වරදට සසඳන විට මෙවැනි දඬුවමක් දීම “අතිශයින්ම අසමානුපාතික, අමානුෂික සහ පිළිගත නොහැකි” එකක් බව පෙන්වා දුන් ඒ මහතා, මෙම අවස්ථාවේදී අදාළ ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් විධිමත් නීතිමය සහාය ලබා දීමට සහ ඉහළම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

“සාධාරණත්වය ඉෂ්ට කිරීමේදී කරුණාව සහ දයාවට ද ඉඩක් තිබිය යුතුයි. අනෝජන්ට නැවතත් තම පවුල වෙත ගොස් ජීවිතය අලුතින් පටන් ගැනීමට අවස්ථාවක් හිමිවිය යුතුයි,” යනුවෙන් අලි සබ්රි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here