අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට

0
173

NEWSNOW | – ඊයේ(27) රාත්‍රියේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (IUSF) සත්‍යග්‍රහයක් සිදු කරමින් සිටියදී පොලිසිය සිදු කළ වැටලීමකදී එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී නියෝජිතයින් 8 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් හිමිවූ අතර එය අසාර්’ථක වීම හේතුවෙන්, ඔවුන් එහි රැඳි සිටිමින් විරෝධය දැක්වීය.

මෙහිදී උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබූ අතර ඒ අනුව විරෝධතාකරුවන්ට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබුණි.