ශ්රී ලන්කන් ගුවන් සමාගමේ ප්රශ්නගත ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන විත් තිබේ.
අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි ඒ මහතාගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

