අඩි 35,000ක් උඩදී සිදුවූ අතිබිහිසුණු ගුවන් යානා පැහැරගැනීමේ උත්සාහය පරාජය කළ ඉන්දියානු ගුවන් නියමුවා.

0
21

අඩි 35,000ක් අහස උඩදී Flydubai ගුවන් යානයක සිදුවීමට ගිය මහා ඛේදවාචකයක් සිය ජීවිතය පරදුවට තබමින් වළක්වා ගැනීමට ඉන්දියානු ජාතික ප්‍රධාන ගුවන් නියමුවෙකු සමත්ව තිබේ.

ඩුබායි සිට ටෙල් අවීව් (Tel Aviv) බලා පියාසර කරමින් තිබූ FZ1073 (Flydubai) ගුවන් යානයේදී, එහි සහායක නියමුවා (Co-pilot) විසින් ප්‍රධාන ගුවන් නියමුවා වන කැප්ටන් ස්මිත් මච්ඡාර් (Captain Smit Machchhar) හට පිහියෙන් ඇන යානය කඩාබිඳ දැමීමට උත්සාහ කර ඇත.

පියාසර කරමින් තිබූ Boeing 737 MAX 8 ගුවන් යානයේ කොක්පිට් (Cockpit) කුටිය තුළදී සහායක නියමුවා විසින් කැප්ටන් මච්ඡාර් වෙත පිහි ප්‍රහාර කිහිපයක් එල්ල කර යානයේ පාලනය අත්පත් කර ගැනීමට උත්සාහ කර ඇත.

දෙදෙනා අතර ඇති වූ ගැටුමත් සමඟ ගුවන් යානය තත්පර 30ක් වැනි කෙටි කාලයක් තුළ අඩි 14,000කින් පමණ පහළට කඩා වැටීමට පටන් ගෙන තිබේ.

දැඩි ලෙස තුවාල ලබා ලේ ගලමින් සිටියදීත් ක්‍රියාත්මක වූ කැප්ටන් මච්ඡාර්, කොක්පිට් දොර විවෘත කිරීමට සමත් විය. ඒ සමඟම යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළට පැමිණ ප්‍රහාරකයා මෙල්ල කර ගෙන ඇත.

පසුව සවුදි අරාබියේ තබූක් (Tabuk) ගුවන්තොටුපළ වෙත යානය හදිසියේ ආරක්ෂිතව ගොඩබස්වා ඇති අතර, යානයේ සිටි මගීන් 174 දෙනාගේම ජීවිත බේරා ගැනීමට හැකි විය.

ඉන්දියානු ජාතිකයෙකු වන ස්මිත් මච්ඡාර්, වසර 11කට වැඩි කාලයක් ඉන්දියාවේ SpiceJet ගුවන් සේවයේ සේවය කර 2022 වසරේදී Flydubai සමාගම හා සම්බන්ධ වූ ප්‍රවීණ ගුවන් නියමුවෙකි. ඔහු පියාසර පැය 9,750කට අධික පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ කැප්ටන්වරයෙකි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු ලොව පුරා බලධාරීන් මෙම ඉන්දියානු ගුවන් නියමුවාගේ සහ සහායට පැමිණි මගීන්ගේ බුද්ධිමත් හා නිර්භීත ක්‍රියාකලාපය අගය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here