අගමැතිනි ෂෙයික් හසීනාගේ පවුලේ නිවසට ගිනි තබයි

0
191

NEWSNOW | – බංග්ලාදේශ විරෝධතාකරුවන් බලයෙන් පහ කරන ලද අගමැතිනි ෂෙයික් හසීනාගේ පවුලේ නිවසට ගිනි තබයි.

එක් රැයකින් ප්‍රහාර රැල්ලක් එල්ල කරමින් හසීනාගේ අවාමි ලීග් ආධාරකරුවන්ට අයත් නිවාස සහ ව්‍යාපාර ද ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර එල්ල කර ඇත.

මෙලෙස ගිනි තබා ඇත්තේ ඇගේ පියා එනම් නිදහස් බංග්ලාදේශයේ නිර්’මාතෘ ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවසයි.

හසීනාගේ අවසරයෙන් අනුස්මරණ කෞතුකාගාරයක් ලෙස සංවර්ධනය කර තිබූ මේ නිවස ගිනි තබා තිබුණේ හසිනා පවුලට එරෙහිව විරෝධතාවක නිරතව සිටි පිරිසකි.

පසුගිය අගෝස්තු මාසයේදී පැවති බංග්ලාදේශ ශිෂ්‍ය ක්‍රියාකාරී විරෝධතා අතරතුර පලාගිය හසීනා තවමත් රැඳී සිටින්නේ ඉන්දියාවේය.