ඉතිහාසය අලුත් කළ යානික් සිනර් මෙවරත් විම්බල්ඩන් කිරුළ දිනාගනියි

0
11

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක යානික් සිනර්, ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වේරෙව් පරාජයට පත් කරමින් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඊයේ (12) පැවති තියුණු අවසන් මහා තරගයේදී ස්වේරෙව්ට එරෙහිව වට 6ට 7ක්, 7ට 6, 6ට 3ක් සහ 6ට 4ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට යානික් සිනර් සමත් විය.මෙය යානික් සිනර් විසින් අඛණ්ඩව විම්බල්ඩන් ශූරතාවය දිනාගත් දෙවන අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ.

පසුගිය වසරේදී ද මෙම ශූරතාවය තමන් සතු කරගත් ඔහු, විම්බල්ඩන් තරගාවලියේ වසර 148ක දීර්ඝ ඉතිහාසය තුළ මෙම කුසලානය දිනාගත් පළමු ඉතාලි ජාතික ක්‍රීඩකයා ලෙස තැබූ වාර්තාව මේ සමඟ තවදුරටත් ශක්තිමත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here