
මෙම මාසයේ මුල එක්තරා රටකට මා දින කිහිපයක් විදේශගතව සිටි විට එහි තිබුනු පොත් සාප්පුවකට මා ගොඩ වුයෙමි. එහි තිබුනු පොත් රාක්ක නිරීක්ෂණය කරමින් සිටි මගේ අවධානය එක් පොතකට යොමු විය. එම පොත කිම් ස්ටැන්ලි රොබින්සන් නම් පකට කතුවරයෙකු විසින් ලියන ලද දි මිනිස්ට්‍රි ඔෆ් ද ෆියුචර් නම් වන ග්‍රන්තයයි. එය අතට ගෙන පිටුවක් දෙකක් කියවු විට මා එය මිල ගන්නට මා තීරණය කළේ මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටින මගේ මිණිබිරියට එය තෑග්ගක් ලෙස ලබා දීම උචිත යැයි මට සිතුනු නිසාය. ඇත්තෙන්ම එය වත්මන් සමාජයේ ඇස් විවෘත කරන කෘතියකි අප අද මුහුණ දෙ මින් සිටින බරපතල අර්බුද අපට ජය ගත හැක්කේ සාමූහික ක්‍රියාකාරකම් තුළින් පමණක්ය යන මෙම කෘතියෙහි හරයයි.
මෙම පොත ප්‍රධාන වශයෙන් යොමු වන්නේ මේ දිනවල යුරෝපය සහ ඉන්දියාව සිසාරා යමින් තිබෙන මාරාන්තික තාප රැල්ල වෙතයි. ඇසින් දුටු සාක්ෂි අනුව මෙම දැරිය නොහැකි උෂ්ණත්වය ඉන්දියාව සහ යුරෝපා රටවලට විශාල විනාශයක් ඇති කරමින් සිටියි. මෙය හුදුවේ යුරෝපා මහද්වීපයේ රටවල් පමණක් නොව දිනෙක ලොව අන් රටවලට ඇති විය හැකි ඛේදවාචකයක් ගැන ඉගි කරන්නකි. මෙම විනාශය නැවත්වීමට නම් අප සැම ප්‍රමාද නොවි නිසි ක්‍රියා මාර්ග ගත යුතුය.
මෙවන් විනාශවල පරිමාණය ඇත්තෙන්ම විශ්මයජනකයි. පසුගිය වකවානුවල වෙනස්වන දේශගුණික තත්ත්වයන්හි ප්රතිවිපාකයක් ලෙසින් ඉන්දියාවේ පමණක් ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ජීවිත අහිමි වී ඇත. දේශගුණික විපර්යාස හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව පළමු ලෝක යුද්ධයේදී මියගිය සංඛ්‍යාවට වඩා වැඩිය.
මාරාන්තික තාප තරංගයකින් පසු, පැරිස් දේශගුණික ගිවිසුමට සහභාගී වූ ඉන්දීය නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී චන්ද්‍ර මුඛර්ජි සෘජුවම මෙසේ පැවසීය:ණමෙම තාප තරංගයට වගකිව යුත්තේ යුරෝපීයයන්, ඇමරිකානුවන් සහ චීන ජාතිකයන් මිස ඉන්දියානුවන් නොවේ. පසුගිය දශක කිහිපය තුළ අපද ගල් අඟුරු පුළුස්සා ඇති නමුත් බටහිර රටවල් හා සසඳන විට එය ඉතා සුළු පමාණයකි. අප දැන් පැරිස් ගිවිසුමට අනුව අපගේ කොටස ඉටු කර ඇත්තෙමු. එහෙත් ඔබ එකඟ වූ දේ කර නැත. අපි දැන් මෙම තාප තරංගයට මුහුණ දී සිටින අතර ලබන සතියේ අපි වෙනත් දෙයකට මුහුණ දෙන්නට සිදු වනු ඇත. කිසිවක් වෙනස් වී නැත”
පැරිස් දේශගුණික සම්මුතිය යටතේ එකඟ වූ පියවර ක්‍රියාත්මක කිරීමට ලෝකයේ සුපිරි බලවතුන් ක්‍රියා නොකිරීම කණස්සල්ලට කරුණකි. එම පියවර වනාහි එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ගැටළු විසඳීමට මැදිහත් වෙමින් පැනවු නිර්දේශයි. ඒවා අනුගමනය කරනු වෙනුවට මෙම උද්දච්ච සුපිරි බලවතුන් කළේ ගෝලීය දූෂණයට දැවැන්ත ලෙසින් දායක වීමයි. ඔවුන් අවංක සහයෝගයක් ලබා දුන්නේ නම්, අද මානව වර්ගයා මුහුණ දෙන අභියෝග බොහෝමයක් පහසුවෙන් විසඳා ගන්නට තිබුනි.
නිරායුධකරණය ගැන සලකා බලන්න. එක්සත් ජාතීන්ගේ උත්සාහයන් සාර්ථක වුවහොත්, ලොව පුරා යුද්ධ නතර කළ හැකි අතර, මිලියන ගණනක් ජීවිත බේරා ගන්නට තිබුනි. යුද්ධ උපකරණ නිෂ්පාදනය හෙවත් මානව වර්ගයා විනාශ කිරීම සඳහා දැන් වැය කරන ලද අති විශාල මුදල් ප්‍රමාණය ඉතිරි කර තිබුනොත් එය ලොව පුරා කුසගින්න, විරැකියාව සහ අනෙකුත් සමාජ ගැටලුවලට එරෙහිව සටන් කිරීමට වැය කරන්නට තිබුනි. නමුත් මෙය සිදු වන්නේ නැත. ඇයි ද යත් ප්‍රතිපත්ති සම්පාදකයින් විශාල ආයුධ නිෂ්පාදකයින්ගේ මූල්‍ය බලයට යටත් හෙයිනි.
මෙම තත්වය ඉන්දිය වියතෙකු වන අරුන්දතී රෝයි සිදු කළ පකාශයක් මතකයට ගෙනෙයි. “පෙර නම් යුද්ධ සඳහා ආයුධ නිෂ්පාදනය කරන ලදී. නමුත් දැන් ආයුධ විකිණීම සඳහා යුද්ධ ඇවිලිීමට කුමන්තරණය කරනු ලැබේ”
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය කරන ලද්දේ ලෝක සාමය පවත්වා ගැනීමට සහ කුඩා ජාතීන් ආරක්ෂා කිරීමට සහ ලෝකයේ බහුතර ජනතාවගේ සාමුහික හා සාධාරණ කැමැත්ත මත ක්‍රියා කිරීමටය. එහෙත් සුපිරි බලවතුන් සතුව ඇති නිෂේධ බලය ඔවුන්ගේම අවශ්‍යතා ඉටු කිරීමට යොදා ගන්නා අතර, යුක්තිය සැමට පසිදලීමේ බලාපොරොත්තුව අද සුන්ව ගොසිනි.
මෙම ජගත් සංවිධාන බොහොමයක කියාකාරී රටාව පැහැදිලිය. එජා සංවිධානය, ජාත්‍යන්තර අධිකරණය, මානව හිමිකම් කොමිසම, එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුව(UNCTAD) සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) යන සියල්ලම ස්ථාපිත කරන ලද්දේ ගෝලීය යුක්තිය සහ සාධාරණත්වය ආරක්ෂා කිරීම සඳහාය. එහෙත් ජාත්‍යන්තර නීති සහ ගිවිසුම්වලට පටහැනිව ක්‍රියා කරන සුපිරි බලවතුන්ගේ තර්ජන සහ හැසිරීම් හේතුවෙන් ඒවා බල රහිත හා දුර්වල වී ඇත.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරයට අපේක්ෂකයන් ලෙසින් නම් යෝජනා වුනු ආචාර්ය ජයන්ත ධනපාල සහ ජාත්‍යන්තර අධිකරණයේ විනිසුරු වීරමන්ත්‍රි යන කීර්තිමත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට සුපිරි බලවතුන් සැලකූ ආකාරය මට සිහිපත් වේ. දෙදෙනාම තම රාජකාරි ඉටු කිරීමේදී ධෛර්යය සහ අපක්ෂපාතීත්වය වෙනුවෙන් ලොව පුරා පිළිගැනීමට ලක් වූ අතර ඒ නිසාම සුපිරි බලවතුන් මෙවන් යුක්තිගරුක වියතුන්ට ජගත් තනතුරු ලාබ නොදි මග හරවා ගත්හ.
මේ සියල්ල අනුව සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ගේ සාමූහික හඬ යටපත් කිරීමටද නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය දුර්වල කිරීමටද මෙම ඊනියා සුපිරි බලවතුන් කූට ක්‍රියාමාර්ග ගන්නා බව නොරහසකි. කෙටියෙන් කීවොත් යථාර්ථය නම් ජාත්‍යන්තර නීතිය අදාල වන්නේ කුඩා ජාතීන් සහ දුප්පත් රටවලට පමණක් වන අතර එම නීති සුපිරි බලවතුන් කිසිසේත් බැඳ නොතබන බව පෙනේ.
මෙහිදී, බි්රතාන්ය කවියෙකු වන ශ්‍රීමත් ඩැනියෙල් අයිසැක් ගෝර්ඩන්ගේ පදයක් මට මතක් වේ. යුද්ධය, මරණය, භීෂණය සහ වෛරයෙන් ලොව පිරී ඉතිරී ඇත. තවත් ප්‍රමාද වීමට පෙර අපි යම් යම් දේ නිවැරදි කර ගැනීම වඩා හොඳය.”

